Tuesday, 16 April 2024

ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්

Posted On Friday, 30 April 2021 16:04

ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්

 

උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇත.

ඉදිරි සති 02ක කාලයේ දී, ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන/ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය - 011 4354550/ 011 2354550

Fax 011 2348855
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ඔම්බුඩ්ස්මන් කාර්යාලය - 011 2338073

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ජනාධිපති අරමුදල - 011 2354354
Fax 011 2331243
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.