Thursday, 28 March 2024

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක්-වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Posted On Saturday, 21 August 2021 16:44

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක්-වැසි හෝ ගිගුරුම් සහිත වැසි


දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිවේදනය කරයි.

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැඟෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.