Tuesday, 23 April 2024

නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කෙරේ

Posted On Friday, 27 August 2021 16:16

නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කෙරේ


පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් 06 වැනිදා උදෑසන 4.00 දක්වා දීර්ඝ කෙරෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අගෝස්තු 20 දින සිකුරාදා රාත්‍රී 10.00 ට පැනවූ නිරෝධායන ඇදිරි නීතිය මෙම මස ඉවත් කිරීමට තිබුණත් අද (27) පැවැති කාර්ය සාධක බලකා රැස්වීමේ දී ජනාධිපතිතුමා විසින් මෙම නිරෝධායන ඇදිරි නීතිය එළඹෙන සැප්තැම්බර් මස 06 දින සඳුදා උදෑසන 4.00 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබාදුන් බව හමුදාපතිවරයා පැවසීය.

දැනට පවතින ක්‍රමවේදය යටතේ ම අත්‍යාවශ්‍ය සේවා,අනෙකුත් සේවා,රැකියා සඳහා යෑමටත් ඒ ආකාරයෙන් ම අවසර ලබාදී තිබෙන බවද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් තවදුරටත් හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය.