Friday, 19 April 2024

එන්නත ලබාගැනීම නිසා මොනම ආකාරයකින්වත් ලිංගික බෙලහීනතාවය ඇතිවීමක් වාර්තා වී නැහැ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Friday, 17 September 2021 16:14

එන්නත ලබාගැනීම නිසා මොනම ආකාරයකින්වත් ලිංගික බෙලහීනතාවය ඇතිවීමක් වාර්තා වී නැහැ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්


කොවිඩ් මර්දන එන්නත් ලබාගිනීම හේතුවෙන් මොනම ආකාරයකින්වත් ලිංගික බෙලහීනතාවය ඇතිවීමක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් වාර්තා වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ, (15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය හමුවේදී ලිංගික බෙලහීනතාවයක් හට ගන්නේ යැයි මතයක් හේතුවෙන් තරුණ ප්‍රජාව එන්නත්කරණයට මැලිකමක් දක්වන්නේදැයි මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර වශයෙනි.

මෙවැනි ව්‍යාජ මත පතුරවන්නන් මෙවැනි සමාජයේ පැහැදිලිව පෙන්විය නොහැකි සාධක පදනම් කරගනිමින් සූක්ෂම ලෙස ජනතාව බියවැද්දීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියෙය.