Thursday, 25 April 2024

පාසල් 3000 ක් ඔක්තෝබර් 21 ඇරඹේ

Posted On Tuesday, 05 October 2021 15:54

පාසල් 3000 ක් ඔක්තෝබර් 21 ඇරඹේ


අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 - 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි.