Tuesday, 16 April 2024

භාණ්ඩ රැසක මිල ඉහළදැමීමට එරෙහිව අද (12) දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා

Posted On Tuesday, 12 October 2021 16:41

භාණ්ඩ රැසක මිල ගණන් ඉහළදැමීමට එරෙහිව අද (12) දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වුණි.

 

ගෙවුණු සතියේ මෙරට ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉහළ නැංවුණි.
පාලන මිල ඉවත්කිරීමත් සමග මුලින්ම ඉහළ ගියේ හාල් මිලය. ඉන් පසු ගෑස් මිල, කිරිපිටි, තිරිඟුපිටි , සිමෙන්ති හා පාන් ගෙඩියක් රුපියල් 5 කින් මිල වැඩිකෙරුණි.

මෙලෙස ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළ යාමත් සමඟ වඩාත් දුෂ්කරතාවට මුහුණ දෙන්නේ පාරිභෝගිකයාය.
මේ තත්ත්වයට විරෝධය පළකරමින් ප්‍රදේශ කිහිපයකම ජනතාව මෙන්ම දේශපාලන පක්ෂ ද විරෝධතා පැවැත්වුණි.