Thursday, 18 April 2024

වයස 16 -17 දරුවන් සඳහා එන්නත්කරණය හෙට සිට දීප ව්‍යාප්තව අරඹනවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Thursday, 21 October 2021 16:04

වයස 16 -17 දරුවන් සඳහා එන්නත්කරණය හෙට සිට දීප ව්‍යාප්තව අරඹනවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්


වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්වල සියලුම පාසල් ළමුන් හට හෙට දිනයේ සිට එන්නත්කරණය අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ, අද (21) කොළඹදී මාධ්‍ය වෙත අචහස් දක්වමිනි.

එම එන්න්ත්කරණ වැඩපිළිවෙල යටතේ කුමන පන්ති ද, කුමන වයස් කාණ්ඩ වල ළමුන්ට පළමුව එන්නත්කරණවාද කුමන පාසල් වල ප්‍රථමයෙන් අරඹනවා ද යන්න විදුහල්පතිතුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන් සහ අදාළ පෙදෙසේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව කාල සටහනක් සකසමින් තීරණය කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවද, එන්නත්කරණය සඳහා කාල සීමාවක් දමා නොමැති අතර පාසල් වල මෙම එන්නත්කරණය සිදුවන බවද ඔහු පැවසුවේය.

කාල සීමාව සහ කැදවාගත යුතු ළමුන් ප්‍රමාණය අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ විදුහල්පතිතුමන් විසින් සාකච්ඡා කර තීරණය කරනු ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

වයස අවුරුදු 18ත් 19ත් අතර පාසල් සිසුන් සදහා ෆයිසර් එන්න්ත ලබාදීම අද සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇත.