Thursday, 18 April 2024

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දින ඉවත් කෙරේ

Posted On Friday, 22 October 2021 15:46

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දින ඉවත් කෙරේ


දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දින උදැසන 4.00 පසුව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

ජනාධිපතිතුමා සමඟ අද පවැති රැස්වීමේ දී මෙම තීරණයට එළැඹි බවද, එහිදී බූස්ටර් එන්නත පිළිබඳව සාකච්ඡා කළ බවත් මෙම එන්නත සෞඛ්‍ය,ත්‍රිවිධ හමුදා,සංචාරක ආදී ඉදිරි පෙළ අය සඳහා නොවැම්බර් පළමු දිනෙන් පසුව ලබාදීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව ද හමුදාපතිවරයා පැවසීය.