Tuesday, 23 April 2024

දීපවාලී අදයි

Posted On Thursday, 04 November 2021 16:53

දීපවාලී අදයි


හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අද (04)ට යෙදී ඇත.

මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමිව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ.

අයහපත පරදවා යහපතත් අදුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි. දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.