Saturday, 20 April 2024

ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සුදානම්

Posted On Tuesday, 18 January 2022 06:39

ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සුදානම්

 

ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සුදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගයට පෙනී සිටින උණ , සෙම්ප්‍රතිශ්‍යාව ආදි රෝග ලක්ෂණ සහිත දරුවන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානවල වෙනම පන්ති කාමර වෙන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසයි.

එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් විභාගයට පෙනී සිටින්නේ නම් ශාලාධිපතිවරයා හෝ විදුහල්පතිවරයා දැනුම්වත් කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.