Friday, 29 March 2024

95 පෙට්‍රල් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත

Posted On Monday, 23 May 2022 07:53

95 පෙට්‍රල් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත

 

95 පෙට්‍රල් අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කෙරෙන බවත් ඉදිරි සති 6 තුළ 95 පෙට්‍රල් තොග පහසුවෙන් ලබාගත හැකි බවද විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සඳහා පෝළිම්වල නොසිටින ලෙස, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් භාවිතාකරන්න්ගෙන් ඉල්ලා සිටින බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.