Friday, 19 April 2024

දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් විදුලි කප්පාදුවක් නෑ- මහජන උපයෝගීතා කොමිෂන් සභාව

Posted On Monday, 20 June 2022 05:21

දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් විදුලි කප්පාදුවක් නෑ- මහජන උපයෝගීතා කොමිෂන් සභාව


පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙන් , අද (20) සිට පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

එසේම අද (20) සිට දහවල් 12.00ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළ පැය 02 යි විනාඩි 30ක දෛනික විදුලිය කප්පාදුවක් සිදුවන බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරයි.