Tuesday, 23 April 2024

ඉන්ධන බෙදා හැරීමට ජංගම බවුසර් යෙදවීමේ වැඩපිළිවෙලක්

Posted On Monday, 18 July 2022 09:01

ඉන්ධන බෙදා හැරීමට ජංගම බවුසර් යෙදවීමේ වැඩපිළිවෙලක්


ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමට නියමු ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධන බෙදාහරින්නන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙසේ පවසයි.

ඒ අනුව ත්‍රිරිරෝද රථ, භාණ්ඩ බෙදාහැරීම සදහා යොදා ගන්නා බයිසිකල් සහ කෑන් සඳහා ඉන්ධන පිරවුම්හල්වලින් බැහැරව ඇති විශාල විවෘත අවකාශයන්වල මෙම ජංගම ඉන්ධන බෙදා හරින ට්‍රක් රථ ඩිස්පෙන්සර් භාවිත කරමින් ඉන්ධන බෙදා හැරීමට කටයුතු යොදන බවත් මෙය දිවයින පුරා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා, ප්‍රකාශ කරයි.