Tuesday, 16 December 2025

දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල යළිත් පත්වෙයි

Posted On Saturday, 08 November 2025 15:28

දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල යළිත් පත්වෙයි

 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම ඊ‍යේ(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණිෙ
ඊයේ පැවති දියවඩන නිලමේ නිලවරණයෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශිත සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 195 ක් හිමිකරගත් අතර, අනෙකුත් පිළිගත් අපේක්ෂකයන් වූ දමින්ද උඩුරාවන මහතා සහ ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක මහතා පිළිවෙළින් ඡන්ද 50 ක් සහ 13 ක් වශයෙන් ලබාගෙන තිබූහ. ඒ අනුව ඉදිරි දශකය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සඳහා තේරීපත් විය.