Wednesday, 24 April 2024

සවස දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි

Posted On Thursday, 14 September 2017 05:47

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

සමහර ප්‍රදේශවල විශේෂයෙන් සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක් තදවැසි (මි.මි. 50 වැඩි) ඇතිවියහැක. දිවයිනේ උතුරු අර්ධය හරහා විටින්විට හමන (පැ.කි.මී40-50 පමණ) තරමක් තද සුළං බලාපොරොත්තුවේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.