Thursday, 28 March 2024

දිව ඔසුවක්වූ කෝමාරිකා වල ඔබ මෙතෙක් නොදැනසිටි රහසක් මෙන්න

Posted On Thursday, 29 December 2016 15:33

කෝ්මාරිකා ශාකය ඖෂධයක්් වශයෙන්් මෙන්්ම ආහාරයක්් වශයෙන්්ද භාවිත කළ හැකි වන අතර අතීතයේ්දී කුමාරිකාවන්්ගේ් රුව වැඩීමට බහුලව භාවිත කළ ඖෂධයක්් වන නිසා කුමාරිකා යන නාමය ද හිමිවේ.


රසෝ්න කුලයට අයත්් ශාකයක්් වන කෝ්මාරිකා වර්ග කිහිපයක්් ඇති නමුත්් බහුලව ඖෂධයක්් සඳහා යොදා ගනු ලබන්්නේ් කොළ පැහැති සුදු ලප සහිත පළල්් මාංසල පත්‍ර සහිත කෝ්මාරිකා වර්ගයයි. කෝ්මාරිකා ශාකයේ් කඳ ඉතාමත්් කෙටි වන අතර පත්‍ර කඳ පාමුල ගොනු වී ඇත. කඳ මඳක්් දික්් වූ විට පත්‍ර පිහිටීම තරමක්් ඈත්් විය හැකිය. කෝ්මාරිකා ශාකයේ් පත්‍ර දිගැටි වන අතර පත්‍රවල තියුණු නොවන කටු පිහිටා ඇත.

කෝ්මාරිකා මල්් තැඹිලි පැහැයක්් ගන්්නා අතර නාලාකාර වේ. සාමාන්‍යයෙන්් මල්් හටගන්්නේ් වියළි කාලයේ්දීය. ශ්‍රී ලංකාව, ඉන්්දියාව, පාකිස්්තානය, චීනය, උතුරු අප්‍රිකාව යන රටවල කෝ්මාරිකා ශාකය දැකගත හැකි නමුත්් වර්තමානය වන විට යුරෝ්පීය රටවල පවා ව්‍යාප්්ත වී ඇත. ශ්‍රී ලංකාවේ වියළි ප්‍රදේ්ශය තුළ වැවෙන කෝ්මාරිකා ශාකය හම්බන්්තොට, කතරගම, කන්්කසන්්තුරේ, මන්්නාරම, කල්්පිටිය, යාපනය ප්‍රදේ්ශවල ප්‍රධාන වශයෙන්් දැකගත හැකි අතර ඕනෑම දේ්ශගුණික තත්්ත්්වයක්් යටතේ් වගා කිරීමේ හැකියාවද පවතී. ප්‍රචාරණය සිදුකෙරෙන්්නේ් මොරෙයියන්් (මොටි) මඟිනි. සෙවණ සහිත ස්්ථානවල හොඳින්් වැඩෙන අතර මනා ජල පාලනයකින්් යුතුව නඩත්්තු කටයුතු කිරීමෙන්් හොඳින්් වවාගත හැකිය.

කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණ

01. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු කරයි.
02. ඇස්් දැවිල්්ල, කබ ගැලීම ආදී ඇස්් රෝ්ග සඳහා ගුණදායකයි.
03. අක්්මාවේ ක්‍රියාකාරීත්්වය වැඩි කර අක්්මාව ආරක්්ෂා කරයි.
04. වා, පිත්්, සෙම් තිබීම නිසා හටගන්්නා රෝ්ග සමනය කරයි.
05. ප්‍රති ඔක්්සිකාරක ගුණයෙන්් යුක්්ත නිසා තරුණ බව ආරක්්ෂා කරයි.
06. වයසට යෑම නිසා ඇතිවන සමේ එල්්ලා වැටීම් වළක්්වයි.
07. සමේ තෙතමනය ආරක්්ෂා කරයි.
08. මුත්‍රා දැවිල්්ල පාලනය කරයි.
09. විශේ්ෂයෙන්් අම්ල පිත්්ත රෝ්ගයට ගුණදායකයි.
10. පෝ්ෂණ ගුණයෙන්් ඉහළ මට්ටමක පවතින නිසා නිර්මාංස අයට වඩාත්් යෝ්ග්‍යයි.
11. මලබද්්ධය සුව කරයි.
12. කුසගිනි වඩා හොඳින්් ආහාර ජීර්ණය සිදුකරයි.
13. ගර්භාශ ගත උෂ්්ණත්්වය පාලනය කර දරුපල ඇති කරයි.
14. කාන්්තාවන්්ගේ් මාසික ඔසප්් වීමේදී වේදනාව පාලනය කරයි.
15. පෙණහලූ ආශි්‍රත රෝ්ග සුව කරයි.
16. හිස්්හොරි වළක්්වා හිසකෙස්් වර්ධනය කරයි.
17. ලියුකේ්මියා රෝ්ගීන්්ට හා ආතරයිටීස්් රෝ්ගීන්්ට ගුණදායකයි.
18. හිරු කිරණින්් සමට ඇතිවන බලපෑම් වළක්්වයි.
19. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී.
20. ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා පුෂ්්ටිමත්් කරයි.
21. කාන්්තාවන්්ගේ් ගර්භාශගත රෝ්ග සුවකිරීමේ හැකියාව පවතී.

ආයුර්වේදයේ් මෙන්්ම හෙළ වෙදකමේදී සාමාන්‍ය රෝ්ගී තත්්ත්්වයේ් සිට මාරාන්්තික රෝ්ගී තත්්ත්්වයන්් දක්්වාම කෝ්මාරිකා භාවිතයෙන්් ඖෂධ සකස්්කර ප්‍රතිකාර කිරීමෙන්් බොහෝ් මාරාන්්තික රෝ්ග සුවපත්් වන නිසා නූතන විද්‍යාවේදී පරීක්්ෂණ කීපයකට භාජන කර ඇත. ඛනිජ ද්‍රව්‍ය 20කින්් ඇමයිනෝ් අම්ල 18කින්් විටමින්් වර්ග 12කින්්ද යුක්්ත වේ. කෝ්මාරිකා විවිධ පෝ්ෂ්‍ය පදාර්ථයන්්ගෙන්් මෙන්්ම එන්්සයිම විශාල ප්‍රමාණයකින්් යුක්්ත වන නිසා කෝ්මාරිකා මදයෙන්් සුළු ප්‍රමාණයක්් වුවද ආහාරයට ගැනීමෙන්් දෛනිකව ශරීරයට අවශ්‍ය පෝ්ෂ්‍ය පදාර්ථ රාශියක්් ලබාගැනීමට හැකිවේ. විශේ්ෂයෙන්් මස්්, මාංස අනුභවයෙන්් තොර නිර්මාංස ආහාර පමණක්් ලබාගන්්නා අයට වඩාත්් ගුණදායී ආහාරයක්් ලෙස කෝ්මාරිකා හඳුන්්වා දිය හැකිය. තවද මාරාන්්තික සිරෝ්සීස්්, සෙංගමාලය, අම්ල පිත්්ත හෙවත්් ගැස්්ට්‍රයිටීස්්, අර්ශස්්, ඇඟ ඉදිමුම, ආතරයිටීස්්, දණහිස්් වළලූකර ඉදිමුම, මුත්‍රා අඩස්්සිය, අපස්්මාරය, පාණ්්ඩුව ආදී රෝ්ගීන්් සඳහා කෝ්මාරිකා ආහාරයක්් ලෙස ගැනීමෙන්් එම රෝ්ග සම්පූර්ණයෙන්්ම පාලනය කිරීමට හැකිය.

උදෑසන හිස්්බඩ කෝ්මාරිකා යුෂ ලූණු ස්්වල්්පයක්් සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන්් ආහාර මාර්ගය හොඳින්් පිරිසුදු වී කුසගිනි වඩවයි. එමෙන්්ම පණු රෝ්ගද සුවපත්් කරයි. ආහාරයක්් ලෙස හෝ් ඖෂධයක්් ලෙස කෝ්මාරිකා භාවිත කිරීමෙන්් රුධිරයේ් ඔක්්සිජන්් ප්‍රමාණය වැඩිකර ශරීරයේ් ෙසෙල ශක්්තිමත්් කිරීමට උපකාරී වේ.

වර්තමානයේ්දී රූපලාවණ්‍ය ක්්ෂේ්ත්‍රයේ් වැජඹෙන ඖෂධයක්් ලෙස කෝ්මාරිකා හැඳින්්විය හැකිය. හිසකෙස්් වර්ධනය කර, හිස්්හොරි පාලනය කර වර්ණවත්් පෝ්ෂ්‍යදායී කෙස්් කලඹක්් ඇති කිරීමට කෝ්මාරිකා උපකාරී වේ. සමේ තෙතමනය ආරක්්ෂා කරමින්් සම පැහැපත්් කරමින්් සම පෝ්ෂණය කරයි. ඇමෙරිකාවේ ටෙක්්සාස්් විශ්්වවිද්‍යාලය මඟින්් සිදුකරන ලද පර්යේ්ෂණයකදී කෝ්මාරිකාවල පිළිකා නාශක ගුණය ඇති බව සනාථ කරගෙන ඇති නමුත්් ඈත අතීතයේ් සිටම ආයුර්වේදයේ්ත්් හෙළ වෙදකමේදීත්් පිළිකා රෝ්ග සඳහා ඖෂධ සකස්් කිරීමේදී කෝ්මාරිකා භාවිත කරනු ලැබුවේ එහි ඇති පිළිකා නාශක ගුණය නිසාය.

කෙට්ටුව මට්ටු කරන ඖෂධයක්
පොතු ඉවත්් කරගත්් කෝ්මාරිකා මද කපා මැටි පොළවක හෝ් රෙද්්දක්් මත වියැළීමට හරින්්න. මෙම කෝ්මාරිකා හා සමාන බරින්් යුක්්තව පිරිසුදු ගිතෙල්් ගෙන රත්් කරගෙන එයට සකස්් කරගත්් කෝ්මාරිකා කැබලි දමා නිවුණු පසු මී පැණිද දමා හොඳින්් මිශ්‍ර කර තබාගෙන උදේ් හවස ටික ටික ආහාරයට ගන්්න. මෙම ඖෂධය අති පූජනීය බළන්්ගොඩ මෛත්‍රය නාහිමියන්් අනුදැන වදාළ හෙළ වෙදකමේ එන ප්‍රත්‍යක්්ෂ ඖෂධයකි.

පෙණහලූ ගත රෝගවලට
අමුකහ, කෝ්මාරිකා මද සමඟ හොඳින්් අඹරා ඛෙල්්ලේ් සහ පිටේ ආලේ්ප කරන්්න.

කල් පවතින කැස්සට
කෝ්මාරිකා මද තේ් හැඳි 01, මී පැණි තේ් හැඳි 01, වියළි ඉඟ=රු තේ් හැඳි 1/4, ගම්මිරිස්් කුඩු තේ් හැඳි 01 හොඳින්් අඹරා ටික ටික අනුභව කරන්්න.

ඇස් දැවිල්ලට
අරළු කුඩු, සූකිරි, මීපැණි, කෝ්මාරිකා මද, සමව ගෙන හොඳින්් මිශ්‍ර කර ඇස්් මත ටික වේලාවක්් තබා සිටින්්න.

හිසකෙස් වැඩීමට
ගොඩපර තම්බාගත්් වතුරට කෝ්මාරිකා මද හොඳින්් මිශ්‍ර කර හිස ගල්්වා තබා ටික වේලාවකින්් සෝ්දා හරින්්න.

රුව වඩවා ගැනීමට
කෝ්මාරිකා යුෂ ගෙන මුහුණේ් ආලේ්ප කර ටික වේලාවක්් තබා මඳ උණුසුම් ජලයෙන්් සෝ්දා හරින්්න.

සමේ ලප කැළැල්වලට
කෝ්මාරිකා මද වැස්්ලීන්් සමඟ මිශ්‍ර කර ආලේ්ප කිරීමෙන්් ලප කැළැල්් නැතිවේ.

අම්ල පිතට
මඳඵ රස්්නෙ වතුර වීදුරුවකට කෝ්මාරිකා යුෂ හැඳි 02යි, මී පැණි හැඳි 02යි දමා හොඳින්් කලවම් කර බොන්්න.

සිරෝසීස් රෝගීන්ට
මුං ඇට තැම්බූ වතුරට කෝ්මාරිකා මද මිශ්‍ර කර පානය කරන්්න. (ලූණු මිශ්‍ර කිරීමෙන්් වළකින්්න)

ආතරයිටීස්
කෝ්මාරිකා මද ගිතෙල්් සමඟ මිශ්‍ර කර අනුභව කරන්්න.

Read 2846 times