Tuesday, 23 April 2024
Editor

Editor

2020 වර්ෂයේ මත්පැන් විකිණිම සඳහා වූ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ සංචාරය සඳහා විදේශිකයන්ට මේ වන තෙක් කිසිදු බියක් හෝ බාධාවක් ඇති කර ගත යුතු නැතැයි  ශ්‍රිලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂිකා මධුභාෂිණි පෙරේරා මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරිමේ දී භාවිතා වන වර්තමාන ක්‍රමවේදය තුළ මහජනතාව දැඩි පීඩාවට පත්විම හේතුවෙන් එම අපහසුතාවය මඟ හරවා ගැනිම සඳහා  හඳුන්වාදුන් online app එක අද (27) සිට ක්‍රියාත්මක බව මඟි ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පැවසිය.

චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වන විට  ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්,මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා අද (27) රජයේ නිල පුවත් අඩවිය පැවසීය.

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ව මෙරට සිටින ඔවුන්ගේ දෙමාපියන් ට සහ නෑදෑයින් ට සම්බන්ධ කර ගැනීමට සහ අවශ්‍ය ආධාර කඩිනමින් ලබා දීම සඳහා අවශ්‍ය මෙහෙයුම් කටයුතු කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

ඒ සඳහා ක්‍රියාත්මක 086-10-65321861 / 2 යන හදිසි ඇමතුම් දුරකථන අංකයට ඇමතීමෙන් මඟින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.

ඒ අනුව, චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ ඥාතීන් පිළිබඳ විමසීම් සඳහා පහත සඳහන් නියෝජිත නිළධාරීන් සම්බන්ධ කර ගත හැකිය. ඒ අනුව, පහත සඳහන් දුරකථන අංක පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

ඇලෙක්සි ගුණසේකර මහතා, Minister (Commercial)   - 0086 13070138025
බ්‍රිගේඩියර්. කල්ප සංජීව, Minister Counsellor (Defence)  - 0086 13051733302
ඉනෝකා වීරසිංහ මහත්මිය, Second Secretary - 0086 15116905523
තිලිනි ගුණරත්න මහත්මිය, Second Secretary - 0086 13121722296

ෂැංහයි, අන්හුයි, ෂෙජියැන්ග්, ජියැන්ග්සු සහ හුනාන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා 0086 159 0094 6639 ඇමතීම මඟින් හෝ ෂැංහයි හි කොන්සල් ජෙනරාල් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය 0086 13472771702 මඟින් හෝ ගීතා පෙරේරා මහත්මිය 0086 13472771702 මඟින් ඇමතීමෙන් සිදු කළ හැකිය.

එමෙන්ම, ගුවැංඩොං, ෆුජියන්, හයිනාන්, ගුවාංසි, ජියැන්ග්සි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු සඳහා 0086 13902301874 ඇමතීම මඟින් හෝ ගුවැන්ෂු හි කොන්සල් ජනරාල් ප්‍රියංකා ධර්මසේන මහත්මිය 0086 18814134670 ඇමතීම මඟින් හෝ යූ.කේ.ජී.රෝෂිනි මහත්මිය ඇමතීම මඟින් සිදු කළ හැකිය.

මේ අතර චීනයෙන් පමණක් නොව තවත් රටවල් කිහිපයකින් ද මෙම වෛරසය අසාදිත පුද්ගලයින් පිළිබඳ ව ද වාර්තා වී ඇති බැවින් හදිසි අවශ්‍යතාවයන් සඳහා චීනය වෙත විදෙස් ගත වන පුද්ගලයින් ඉතාමත් විමසිලිමත් වීම වැදගත් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණර්ධන මහතා අවධාරණය කර සිටි.

වැඩිදුර අධ්‍යාපනය සහ රැකියා සඳහා චීනයේ වූහාන් වෙත පිටත් ව ගොස් ඇති කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් රුවන්ති දෙල්පිටිය මහත්මිය කියා සිටී.

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කර ඇත.

රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ඉඩම විශාල කුලියක් ගෙවමින් පවත්වාගෙන යාම වංචාවක් සහ අත්තනෝමතික ක්‍රියාවක් බව කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.