Saturday, 20 April 2024
Editor

Editor

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව අන්තර් වාර ආණ්ඩුවේ රාජ්‍ය නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු අද (27) උදෑසන දිවුරුම් දීමට නියමිතය .

2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2019.12.03 දින පාර්ලිමේන්තුව රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා අද (26) රජයේ නිලපුවත් වෙබ් අඩවිය සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් මේ බව සදහන් කරන ලදී.

අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි තැන්පත් කරන ලද චූඩා මාණික්‍යය පැළඳ වූ නව කොත් වහන්සේ නිරාවරණය කිරීම අද (26) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

ඕමානයේ, මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් සේවයක් අද ආරම්භ විය. ඒ, සලාම් එයාර් ගුවන් සේවය විසිනි. එහි පළමු ගුවන් ගමන සිදුකරමින් සලාම් එයාර් ගුවන් සේවයේ ඕ වී 431  යානය අද (25) පෙරවරු 08 ට කටුනායක ගුවන් තොටුපළට ලගා වූ බව වාර්තා වේ. ඒ, මගීන් 86 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 සමන්විතවයි.

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි

දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (22) උදෑසන ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දීම සිදු කළේ ය.

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා අද (22) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒම‍ට නියමිතය. දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇත.

ඊයෙ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ පාන් මිල, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.