Wednesday, 24 April 2024
Editor

Editor

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි

දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (22) උදෑසන ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දීම සිදු කළේ ය.

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා අද (22) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒම‍ට නියමිතය. දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇත.

ඊයෙ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ පාන් මිල, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම්දීමට නියමිතය.මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත්වන තුන්වැනි අවස්ථාව මෙය වේ.

අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණ දළදා සමිඳු වැඳ පුදා ආශිර්වාදය ලබාගැනීමට නියමිතය.

ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙත නව පත්වීම් ලිපිය බාරදුන්නේ ය.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.