Wednesday, 24 April 2024
Editor

Editor

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා භාර දුන්නේය.

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිත ය.

නාම යොජනා භාර දීමත් සමඟ සියලු ම අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඒ සමඟ ම භාර දිය යුතු බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටියි.

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 දා පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලය තුළ පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් සියලු සුරාසල් වසා දමන බව සුරාබදු දෙපාර්තමෙන්තුව පවසයි.

දුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහකාර ධාවන කළමණාකාර එම්.කීර්තිරත්න මහතා රජයේ නිල වෙබ් අඩවියෙන් සිදු කරන ලද විමසුමක දි පැවසුවේ ය.

2019 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමට දි තිබු කාලය අදින් අවසන් වේ

 

වේවැලෙන් දඩුවම් දීමේ සම්ප්‍රදාය නතර කළ යුතුද?

‘‘වේවැල් කෝටු නාරං සියඹලා අතු’’ යනුවෙන් ආරම්භ වන හතර පද කවියක් තිබේ. පමා නොවී පාසලට එන බව ශපථ කරන දරුවෙකු වේවැල ඇතුළු අතට ගැනෙන  ඕනෑම දෙයකින් පහර කා තිබේ. 1742-1777 කාල වකවානුවේ ජීවත් වූ අත්තරගම බණ්ඩාර රාජගුරු රචනා කරන ලදැයි අනුමාන කරන වදන් කවි පොතෙහි මෙම කවිය ඇත. දරුවා හොද පාඩමක් ඉගෙන ගෙන ඇත. වේවැල දඩුවමක් දෙන පැරණි එක ක‍්‍රමයකි. වර්තමානයේ දී එය තහනම් කර තිබේ. සීමාව ඉක්මවා දරුවන්ට තරවටු කරන යුගය අවසන්ය. අවවාදයක් දී, මතක හිටින්නට තැලූවහොත් එයට එරෙහිව අපරාධ නඩුවක් පැවැරිය හැකිය.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවිය හැකි බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

කඩින් කඩ පවතින වැසි තත්ත්වය  හේතුවෙන් මදුරු කීට වර්ධනය මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  අරුණ ජයසේකර මහතා රජයේ නිල වෙඩ් අඩවියට අදහස් දක්වමින් පැවසිය.