Friday, 19 April 2024
Editor

Editor

මුළු ලෝකයම එක නිවහනක් වෙන දවසක එහි මුළුතැන්ගෙදර වෙන ආසාවක් ඇති පුද්ගලයෙකු තායිලන්තයෙහි සිටී. ධනින් චියරොවන්ට් වන හෙතෙම එරට තනි පුද්ගලයෙකු වශයෙන් විශාලම ධනවතා බව දැක්වෙයි. තායිලන්තයේ විශාලතම පුද්ගලික ව්‍යාපාරය සේ සැලකෙන සී.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාය.

වී අලෙවි මණ්ඩලය විසින් අප රටේ පළමු වතාවට සහල් වෙළඳපොළට අවතීර්ණ වීම සඳහා සහල් නිපදවීමේ වැඩ පිළිවෙළට අවශ්‍ය පියවර ගෙන තිබේ.

2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු සමය සඳහා කොළ‍ඔ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථාන අගර ව්ශේෂ දුම්රිය දෙකක් පහත සඳහන් කාල සටහන පරිදි ධාවනය කරවිමට කටයුතු යොදා තිබේ.

කුවේට් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධනය කරනු ලබන 40 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානය හෙට (28) ප.ව.5.00 ට නෙළුම්පොකුණ රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගා බිම්වලට දැඩි ලෙස හානි සිදු වී ඇත. මේ හේතුවෙන් එළවළු අස්වැන්න පහත වැටී ඇති බවත් ඒ නිසාම වෙළෙඳපලේ සෑම එළවළුවකම මිල මින් පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

2018 වර්ෂයේ රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2018 නොවැම්බර් මස 30(සිකුරාදා) දිනයෙන් අවසන් වන බව අධ්‍යපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගයට අදාළව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටුඅනෝදා වගාව ප්‍රචලිත කිරීමට වගා කලාපයන් ස්ථාපිත කරයි. කටුඅනෝදා - Annona Muricata (Prickly Custard Apple) යනු අපේ රටේ බහුලව වගා කළත් තවමත් බොහෝ දෙනෙක් පරිභෝජනය නොකරන  පළතුරකි .

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.