Tuesday, 14 July 2020 09:30

වරාය අධිකාරිය ගෙන්වන ලද ග‍්‍රැන්ටි දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම නිශ්ඵල බව විද්වත්හු දක්වති

 

 

 

වරාය සේවකයක් ගෙන ගිය වර්ජනය ඉකුත් ජුනි 03 අවසන් කෙරිණ. කොළඹ වරායට ගෙනැවිත් තිබුණ ග‍්‍රැන්ටි දොඹකර තුනක් වරායට ගොඩබාන අවසරය ලැබුණ අතර වෘත්තීය වරාය අධිකාරිය විසින් ජය පර්යන්තය සදහා ගෙන්වන ලද මෙම දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවිකර රජයේ ආයෝජනයෙන් වරාය පුලුල් කරන ව්‍යාපෘතිය අරඹන්නට මෙම වර්ජනයේ දී වෘත්තීය සමිති වලට උවමනා කර තිබුණි.
තතු දත් සහ නමින් පෙනී සිටින්නට අකමැති විද්වත් මතය අනුව මෙරටට ගෙන්වන ලද ග‍්‍රැන්ටි දොඹකර නැගෙනහිර පර්යන්තයට නොගැලපෙන අතර එම පර්යන්තය මීටර් දහ අටකට වැඩි විශාල නැව් සදහා වෙන් කර ඇති බව සදහන් කරයි. ජය පර්යන්තය හා දකුණු ආසියානු ගේට්වේ පර්යන්තය මීටර් පහලොවකට අඩු අතර 1990 දී තිබුණ කන්ටේනර් මෙහෙයුම් ධාරිතාව පන් දහසක ප‍්‍රමාණයේ සිට පස් ගුණයකින් දැනට වැඩි කර ඇති අතර එම පර්යන්ත දෙක මධ්‍ය පරිමාන නැව් සදහා භාවිතා වන බව දැක්වෙයි.
නැගෙනහිර පර්යන්තය විශාල නැව් වලින් මෙහෙයුම් කරන ශක්තිය ඇති විශාල ග‍්‍රැන්ටි දොඹකර අවශ්‍ය වනු ඇති අතර දැනට වරාය අධිකාරිය විසින් ගෙන්වන ලද ග‍්‍රැන්ටි දොඹකර තුන ජය පර්යන්තයට වැඩි ප‍්‍රයෝජනයක් අත් පත් කර දෙන්නේ නැති බව ද දක්වයි. වරාය වෘත්තිය සමිති නියෝජිතයන් අගමැතිවරයා සමග කළ සාකච්ජාව සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුව සියළුම වෘත්තීය සමිති නායකයන්ට මෙම දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවිකරන අවශ්‍යතාව අවධාරණය කරන ලද බව දක්වයි. එයට අනුව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ අරමුණ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය, පුද්ගලික අයෝජනයක් වශයෙන් පුද්ගලීකකරණය කිරීමේ අදහස නතර කිරීම බව වරාය ක්ෂේත‍්‍රයේ මතය වී තිබේ.
මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයාගේ කාල සීමවේ දී නැගෙනහිර පර්යන්තය දියුණු කිරීමට සැලැස්මක් තිබුණ අතර ඇමරිකානු ඩොලර් මිලියන 85 ක් වැයවෙතැයි ගණන් බලා තිබුණි. රජය එම ආයෝජනයට අපොහොසත් වූ අතර වසර හයක් කිසිම නවීකරණයක් සිදුවූයේ නැත. 2019 මැයි මාසයේ දී රජය සහයෝගීතා ගිවිසුමක් ඉන්දීය හා ජපාන ආණ්ඩු සමග අත්සන් කරන ලද අතර එමගින් නැගෙනහිර වරාය වැඩි දියුණු කෙරේ. එම ආයෝජනයේ දී පර්යන්තයේ සියයට සියයක අයිතිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන අතර මෙහෙයුම් වලින් සියයට පනස් එකක් ද වරාය අධිකාරියට ලැබේ. ඉන්දියාව හා ජපානයට මෙහෙයුම් වලින් කොටස් සියයට 49 ක් හිමිය. ජපන් ආණ්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 40 ක මෘදු ණයක් සියයට 0.1 ක පොලියකට වසර සහයක ආපසු නොගෙවිය යුතු කාලයක් ද සහිතව ලබා දෙන්නට එකග වී තිබේ.
මෙම පුවත සම්බන්ධ ඉංග‍්‍රීසි ලිපිය තවත් විස්තරාත්මකව කියැවිය හැකිය.

 http://counterpoint.lk/jcts-gantry-cranes-for-the-east-container-terminal/