එළැඹෙන මාසයේ සිට පෞද්ගලික රෝහල් නියාමනයට පියවර - සෞඛ්‍ය අමාත්‍ය
එළැඹෙන පෙබරවාරි 04 දා වන විට පෞද්ගලික රෝහල් නියාමනය කරමින් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කොළඹ නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහණයේ අඩුවක්
පසුගිය වසරට සාපේක්ෂව කොළඹ නගරයේ නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබෙන බවත් එම ප්‍රමාණය මේ වන විට 2100ක් දවා පාලනය කිරිමට හැකි වී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී අයි.වී.පී. ධර්මවර්ධන මහතා පවසයි.
හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්
නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
මැතිවරණ පැමිණිලි 260ක් - සැකකරුවන් 61ක් අත්අඩංගුවට
මෙවර පළාත් පාලන මැතිවරණය කටයුතු පැවැත්වෙන 2017 දෙසැම්බර් 9 දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ “නීතීඥ සහය අවශ්‍ය නම්” 1929 අමතන්න- නීතීඥ සහය නොමිලේ
කල් ගතවන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ “නීතීඥ සහය අවශ්‍ය නම්” 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.