දිවයිනේ වියළි හා ශීත කාලගුණයක්
දිවයිනේ බොහෝ පලාත්වල වියලි කාලගුණ තත්වයන් සමඟ සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳව ගුරුවරු දැනුවත් කෙරේ
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට (19) මතර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් වැඩමුළුව සංවිධානය කර ඇත. පෙ.ව 9.30 ට pearl cliff Hotel හී දී වැඩමුළුව පැවැත්වෙයි.
ඉදිරි දින කිහිපයේදී නුවරඑළියට මල් තුහින
ඉදිරි දින වල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
''එකම දැයක්'' තේමාවෙන් නිදහස් දිනය සැමරේ - 70 වැනි නිදහස් සමරුව වෙනුවෙන් විශේෂ ලාංඡනයක් හඳුන්වා දෙයි
වසර ගණනාවක් ජාත්‍යන්තරයෙන් මුළු ගැන්වී සිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගෙන මෙවර ජාතික නිදහස් දිනයේ 70 වැනි සංවත්සරය ''එකම දැයක්'' යන තේමාව යටතේ අති උත්කර්ෂවත් ලෙස පවත්වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහන මෙහෙයුම්වල නිරත වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව තවදුරටත් සහන සේවා කටයුතු වල නිරතව සිටියි.