සෑම පුරවැසියෙකුගේ තොරතුරු ඇතුළත් ජාතික පුද්ගල නාම ලේඛනයක් සැකසේ
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුරවැසියන් පිළිබඳ "ජාතික පුද්ගල නාමලේඛයක්" සකස් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.
පළාත් පාලන මැතිවරණය - ගම්පහට නව රථවාහන සැලැස්මක්
පළාත් පාලන මැතිවරණය - 2018 නාමයෝජනා පත්‍ර භාරදීමේ පළමු අදියර අවසන් දින වන අද (14) දිනයේ ගම්පහට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා පැවසීය.
සංහිඳියාව සහ සහජීවනය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්න – ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි
සියලු ආගමික දර්ශනයන්ගේ මගපෙන්වීම වන සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලයි.
ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීමට නව බැක්ටීරියාවක්
ඔස්ට්‍රියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.
තැපැල් ඡන්ද අයදුම් කාලය 22දා දක්වා දීර්ඝ කෙරේ
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.