මෙම වසරේ තෙවන පාසල් වාරය ලබන 8 දායින් අවසන්
2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය ලබන 8 වැනි සිකුරාදායින් අවසන් වන අතර 2018 වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වේ.
සා/පෙළ උපකාරක පන්ති අද සිට තහනම්
අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන ලබන 21 වැනිදා දක්වා සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.
අද සහ ඉදිරි දිනවලදීත් උතුරු සහ නැගෙනහිර සුළඟේ වේගය වැඩිවේ
අද සිට ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවති.
පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 වෙනිදාට පෙර
මෙවර පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 04 දිනට පසු හා පෙබරවාරි 17 වෙනිදාට පෙර පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. මේ වන විට නාමයෝජනා ඉදිරිපත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් නාමයෝජනා භාර ගැනීම අදියර දෙකක් යටතේ සිදුවුවත් ඡන්දය ප්‍රකාශ කිරීම එක් දිනයක පවත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදලක් රජය පිරිනමන බවත් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය බැගින් දැනටමත් ලබාදී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.