අගෝස්තු 31සිට ගිගුරුම් සහිත වැසි
අගෝස්තු 31සිට සැප්තැම්බර් 02දා දක්වා උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මත්පෙති සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්
මත්පෙති සහ මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
ගුරුවරුන් පිරිසක් ඕස්ට්‍රේලියාවේ පුහුණුවක
සුහුරු පන්ති කාමර (Smart Class Room) වැඩසටහන තාක්ෂණය අභියෝගයක් නොවන දරුපරපුරක් අනාගත වැඩලෝකයට දායාද කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති අතර මේ වනවිට පාසල් පද්ධතිය වෙත නියාමන මට්ටමින් මෙය හඳුන්වා දී ඇත.
දිවයිනේ දකුණු අර්ධයට තරමක තද සුළං
දිවයිනේ දකුණු අර්ධයේ විටින් විට හමන සුළං පැයට කිලෝමීටර් 40 - 50 පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ, කළුතර, මහනුවර, නුවරඑළිය, මාතර සහ හම්බන්තොය දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපා හැකිය.
එමෙන් ම මඩකලපුව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ද ඇති වන අතර ම මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ද ඇතිවිය හැකිය.
නියඟයෙන් පීඩාවට ජනතාවට සහන සැලසීමට රු. බිලියන 1.5 ක්
නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 1.5 ක මුදලක් මේ වන විට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.