නියඟයෙන් හානියට පත් ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර සලාක
නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල, ගොවි ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුන් උපදෙස් අනුව එම කටයුතු මේ වන විට විධිමත්ව ක්‍රියාත්මක වෙමින් පවතී.
ප්‍රමුඛතා මංතීරු නීතියේ දෙවන අදියර අද සිට
බස්රථ හා පොදු මගී ප‍්‍රවාහන රථ සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර අද (22) සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක වෙයි.
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
හෙට (22) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත.
අද පූර්ණ සූර්ය ග්‍රහණයක්
අද (21) පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන අතර මෙම සූර්ය ග්‍රහණය උතුරු ඇමරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරයි. එමෙන් ම මෙම සුර්ය ග්‍රහණය අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙස බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට දර්ශනය වේ.
2017 ඡන්ද හිමි නාමලේඛනයේ නම් නැත්නම් වහාම දැනුම් දෙන්න
2017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.