ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයක්
ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සංඛ්‍යාති පිළියෙළ කිරීම සඳහා ප්‍රථමවරට පෞද්ගලික හා අවිධිමත් අංශයේ ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයක් ජුලි මාසයේ දී පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
සෞදි පොදු සමා කාලය ජූලි 23 දක්වා දීර්ඝ කෙරේ
රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමාකාලයක් ප‍්‍රකාශයට පත් කර එම පොදු සමා කාලය 2017 ජූලි 23 දක්වා දීර්ඝ කිරීමට සෞදි රජය තීරණය කර තිබෙන බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටින බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
වයස 100 ඉක්මවූ වැඩිහිටියන් ගැන තොරතුරු සොයයි
ලබන ඔක්තෝම්ර් පළමුදාට යෙදෙන ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් උපහාර පිදීම සඳහා වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් හා දරුවන් 15 දෙනෙකුට වඩා වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්මවූ මව්පියන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.
ආපදාවට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ ණය අත්තිකාරම් මුදලක්
2017 මැයි මාසයේ දී දිවයිනේ විවිධ ප්‍ර දේශවල අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැලීම්, ගංවතුර හා නායයාම් හේතුවෙන් විපතට පත් රාජ්‍ය නිලධාරීන්ට පොලී රහිත විශේෂ ණය අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත අද සිට
කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදෙමින් දිවයිනේ සියලු පාසල්වල ඉගැනුම ලබන ගැහැණු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.