ඉරිදා හා පෝය දින ටියුෂන් තහනම් පනතක්
පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයන්ට සීමා කෙරේ
විල්පත්තු ජාතික උද්‍යානය තුළට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය යටතේ සංචාරක කටයුතු පවත්වාගෙන යාමෙන් වනසතුන්ගේ පැවැත්වම තර්ජනයට ලක්වීම වළක්වාගැනීමේ අරමුණින් පෙරවරු 6.00 සිට පෙරවරු 11.30දක්වා පමණක් විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා විවෘත තැබීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙවන පාසල් වාරය ලබන 4 දා අවසන්
මෙම වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ලබන 04 වන සිකුරාදයින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් වේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට නොමිලේ
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දිස්ත්‍රික් දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ මාතර දිස්ත්‍රික් දෙක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.