Editor
Z-Score ක්‍රමවේදය වෙනුවට පාසල් පදනම් කොටගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක්
රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දිස්ත්‍රික් පදනමින් භාවිත කරනු ලබන ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමවේදය වෙනුවට පාසල් පදනම් කොටගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදිමට යන බවත්, එය 2020 වසරේ උ.පෙළ විභාගය සමත් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවත්, මේ පිළිබඳව තමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වු බවද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවැසිය. මේ අනුව නව ක්‍රමවේදය සකස් කිරිම අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවිණයන්ගෙන් යුත් විශේෂඥ පත් කිරිමට යන බවද සඳහන් කළේය.
මැතිවරණවල දී අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය
සියලු මැතිවරණවල දී අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම සාකච්ඡා කරමින් සිටින අතර පාර්ලිමේන්තුව විසින් ඊට අදාළ නීති සකස් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් ඉල්ලීමක්
රාජ්‍ය අමාත්‍යාංශ සදහා පත් කෙරුණු නව ලේකම්වරුන් තිස් දෙදෙනෙකු ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සියපත්වීම් ලිපි ලබාගත්තේය. එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවන ලෙසයි.
අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය
මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් සහ මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ශ්‍රීපාද බැතිමතුන් වෙනුවෙන් ක්‍රමවත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක්
ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් 11 වන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන බැවින් වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ක්‍රමවත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක් සැපයීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (පරිපාලන) ජයන්ත කුමාර මහතා පැවසීය.
ශ්‍රී පාද වන්දනා සමය උදුවප් පොහෝ දිනෙන් ඇරඹේ
භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කෙරේ
සුළු අපනයන භෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කෙරේ.
විදේශ රැකියා ලියාපදිංචි ගාස්තු අඩු කෙරේ
පාසල් සිසුන්ට නිල ඇඳුම් වවුචර් පත් ලබන වසර මුල - උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිපාදන ඉහළට
පාසල් සිසුන්ට සඳහා නිල ඇඳුම් වවුචරපත් ලබන පාසල් වාරය ආරම්භයේ දී ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර උසස් පෙළ පන්තිවල සිසුන්ට ලබාදෙන වවුචරපත්වල මුදල වැඩි කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
සියලු පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැදවයි
විශේෂ සාකච්ඡාවක් සදහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.