Editor

Editor

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආනයන හා අපනයන සේවා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට පියවර

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් සතු වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

ලියාපදිංචි වීමට සිදු කළ දැනුම්දීමට අනුව අද (1) දිනය තුළ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 2913ක් ස්වයං නිරෝධායනය සඳහා ලියාපදිංචි වූ බවත් එය අගය කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30ට පෙර ලබා දීමටසියලු කටයුතු සූදානම්

කුමන් හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන් ම අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන්‍ රථ දෙකක් ද, රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කෙරේ.

පුත්තලම-කඩයන්කුලම, බණ්ඩාරගම-අටළුගම, අකුරණ-තෙලඹුගහවත්ත යන ග්‍රාමයන් හි දී covid-19 ආසාදිතයින් හමුවීමත් සමඟ කරනු ලැබූ විමර්ශන වල දී තහවුරු වුයේ එම පුද්ගලයින් ලංකාවට විදේශයන් හි සිට පැමිණි බවත්,

කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.