
Editor
හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය අප්‍රේල් 17 දා
හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්- ලංගම බස්රථ 1500ක්-පෞද්ගලික බස්රථ 600ක්
එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් දියත් කරයි.
බැංකු පොළී අනුපාතය අඩු කිරීමට කමිටුවක්- කමිටුවේ වාර්තාව හෙට අගමැති අතට
ණය නිකුත් කිරීමේදී වාණිජ බැංකු විසින් අය කරනු ලබන පොළී අනුපාතය අඩුකළ ඇති දැයි සොයා බලා වාර්තා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කොට ඇත.
ගාල්ලේ ප්‍රදේශීය කොට්ඨාශ හයකට පානීය ජලය බෙදයි
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක් සඳහා පානිය ජලය බෙදා දිමේ කටයුතු ආරම්භ කර තිබේ.
අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ හිරු මුදුන් වෙයි- අද හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න...
අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් සූර්යා පවතින බවත් අද දින (06) දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ, කලුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරියවැවසහ ගල්කඩුව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට පාසැල්වල හා රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව
විදේශ රැකියා සඳහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා මෙරට පාසැල්වල හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සදහා අවස්ථාව ලබාදීමසම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.
අයවැය ඡන්ද විමසීම අදයි
රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
අප්‍රේල් 15දා රජයේ නිවාඩු දිනයක් වෙයි
ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙවර සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් අවුරුදු සැමරීම සඳහා අප්‍රේල් 15 වැනි දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.
මාතර කතරගම දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දක්වා කොටසේ අවසන් පරීක්ෂණ දුම්රිය ධාවනය කරයි
මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා වූ අවසන් පරීක්ෂණ දුම්රිය ධාවනය කෙරිණි.