Editor

Editor

දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)කොළඹ,ෂැන්ග්‍රිලා හෝටලයේ දී පවැත්වීමට නියමිතය.

2019 ලෝක සමාජ වැඩ දිනය සැමරීම සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 18 දා පෙ.ව. 9.00 ට කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන ශ්‍රී ලංකා පදනම් ආයතනය දක්වා යාමට සැලසුම් කොට ඇත.

ජ්‍යාත්‍යන්තර ක්‍රමෝපායන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල යටතේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

වතු කම්කරුවන්ට අප්‍රේල් 1 දා සිට වසරක කාලයක් සඳහා මාසයකට රුපිටල් 50 බැගින් විශේෂ දීමනාවක් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත.

අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (12) පාර්ලිමේන්තුවේ දී පැවැවෙයි.

ලෝක ග්ලෝකෝමා දිනය නිමිති කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය, විෂන් 2020 වැඩසටහන සහ කොළඹ ජාතික අක්ෂි රෝහල සමඟ එක්ව මෙවරත් ග්ලෝකෝමා සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

ලෝක කාන්තා දිනයට සමගාමිව අද සිට (08) කාර්යාල දුම්රිය හතකට (07) කාන්තාවන් සදහා වෙන් වූ කාන්තා දුම්රිය මැදිරි යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.