
Editor
ගංවතුර ආපදා තත්ත්වය - මරණ 206ක් - සුරක්ෂිත මධ්‍යස්ථාන 365ක්
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. ආපදාව හේතුවෙන් මේ වනවිටත් විපතට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 170,486කි. පුද්ගලයින් සංඛ්‍යාව 658,490කි.
වැසි තත්ත්වයේ වර්ධනයක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනයක් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
සුළි කුණාටුව (MORA) අද බංග්ලාදේශයට ඇතුළු වෙයි - ශ්‍රී ලංකාවේ අහස වළාකුලින් බර වෙයි
සුළි කුණාටුව (MORA) අද (30)දින බංග්ලාදේශ ගොඩබිමට ඇතුල්වී දුර්වල වේ යැයි බලාපොරොත්තු වන අතර හෙට සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
දිස්ත්‍රික් 07හි නායයාමේ අවදානම තවදුරටත්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික් 07කට නායයාමේ අනතුරු ඇඟවීම් සිදු කොට ඇති අතර ඉදිරි පැය 24 පුරාත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතුණ හොත් එම අවදානම තවදුරටත් පවතින බව එම ආයතනය සඳහන් කරයි.
ආපදා හේතුවෙන් සිදු වූ විදුලි බිඳ වැටීම දැනුම්දීමට නව අංකයක්
ඇතිවී තිබෙන ආපදාව හේතුවෙන් සිදු වූ විදුලි බිඳවැටීම පිළිබදව දැනුම්දීම සදහා නව දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බවත්, විදුලි මීටර් හා නිවාස විදුලි පරිපථවල සුළු නඩත්තු කටයුතු ආදිය නොමිලේ සිදුකර දීමට පියවර ගන්නා බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සබරගමුවේ පාසල් වැසේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ සියලු පාසල් අද (26) දිනයේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අද උදෑසන මෙම තීරණය ගෙන ඇත.
කළු, කැලණි, වළවේ, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම ඉහළට
නිරිතදිග මොසම සක්‍රියවීමත් සමග දිවයිනේ නිරිත දිග කලාපයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂා පතනයක් වාර්තා වීම හේතුවෙන් කළු, කැලණි, වළවේ, ගිං යන ප්‍රධාන ගංඟාවන් මෙන්ම අතු ගංඟාවන් ආශ්‍රිතව ආපදා තත්ත්වයක් මතු ව තිබේ.
දිවයිනේ නිරත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්
නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න
අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
විදුහල්පති සේවයේ උසස් කිරීමේ සුදුසුක්ම පරීක්ෂාව ලබන 2 දා සිට
2009 හා 2010 වර්ෂයන්හි දී විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවාගත් නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලේඛන පරීක්ෂාව 2017 ජූනි මස 2, 5, 6 සහ 12 යන දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ.