Editor

Editor

එක්සත් ජාතීන්ගේ 14වෙනි වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව අද (12) පෙරවරු 9.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ ශාලාවේදී ආරම්භ වේ.

2017 මැයි මස 09 වැනිදා Daily Mirror පුවත්පත

2017 මැයි මස 09 වැනිදා daily Mirror පුවත්පත

ලෝක තැලසීමියා දිනය නිමිත්තෙන් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව  සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරගාවලිය ඊයේ (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.

මෙවර අ.පො.ස (සා.පෙ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සියළුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් මේ වන විට කැඳවා තිබෙන අතර ලබන 31 දිනෙන් අයදුම්පත් භාරගැනීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආහාර සැකසීමේදී කෘතිම රසකාරක භාවිතය අවමකොට දේශීය කුළුබඩු ඇසුරෙන් සකස්කරගත් ස්වභාවික රසකාරක භාවිතයට ගැනීමට පෙළඹිය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය අශෝක සෙනෙවිරත්න මහතා පවසයි.

2017 මැයි මස 03 වැනි දා ලක්බිම

මිනිසුන් යදමින් බැඳ, ඔවුන් දේපොළක ලෙස සලකා හාම්පුතුම් කටයුතු කළ අතීතයක සිට වෘත්තීය අයිතීන් වෙනුවෙන් එක් වටමේසයක සිට, හාම්පුතුන් සමඟ කේවල් කරන වර්තමානය දක්වා කම්කරුවා පැමිණි මාවත, ලෙයින් ද දහදියෙන් ද කඳුළින් ද ඉදිවූවක් බව සිහිකැඳවා ගන්නට ජාත්‍යන්තර කම්කරු දිනය අපට බලකර සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.