Friday, 17 May 2024
නව පුවත්

වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද දින සිට  බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 27 March 2017 06:55

පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර තිබේ.

Posted On Friday, 24 March 2017 08:32

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Posted On Friday, 24 March 2017 08:29

අද  (22) ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක්  උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ. ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි මෙම උද්ඝෝෂණය සිදුවන අතර ලෝක ජල දිනයද අදට යෙදී තිබීම විශේෂත්වයකි.

Posted On Wednesday, 22 March 2017 07:45

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරී- II නතතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 26 වැනි දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 60කදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව අයදුම්කරුවන් 9527ක් මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

Posted On Wednesday, 22 March 2017 07:34