Friday, 26 April 2024

ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට

Posted On Wednesday, 10 October 2018 05:13

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.


ඒ අනුව, අදාළ පාසලේ විදුහල්පතිවරුන්ට ආපදා තත්ත්වය හේතුවෙන් තම පාසල පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් ඒ පිළිබඳ පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කොට තීරණයකට එළඹිය හැකියි.

 

පවතින තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉක්මනින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර තිබේ.