Friday, 26 April 2024

ජනපති පිලිපීන රාජ්‍ය සංචාරය අරඹයි - මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වෙයි

Posted On Wednesday, 16 January 2019 09:38

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති්‍රක සබදතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් ස`දහා ආරාධනා හිමි  වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  15 දින රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ  (Ninoy Aquino )  ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.



එහිදී එරට වෙළෙද සහ කර්මාන්ත අමාත්‍ය  Ramon Lopez  මහතා ඇතුථ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

 හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. මේ අතර කුඩා දැරියක විසින් ද ජනාධිපතිතුමා වෙත මල් දමක් පළදවා පිළිගනු ලැබුවාය.

 මැනිලා නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ද එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමාව සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

 ( ඡායාරූප : සුදත් සිල්වා )