Friday, 26 April 2024

කිසිදු අඩුපාඩුවක් නොමැතිව වෙසක් උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත- කතානායක

Posted On Friday, 17 May 2019 05:35

කිසිදු අඩුපාඩුවක් නොමැතිව වෙසක් උත්සවය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.



පසුගිය දා මහනුවර දී අතිපූජ්‍ය මානාහිමිවරු බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව කීය.

ආමිෂ පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජා පවත්වමින් මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට හැකියාව ඇති බව පැවසූ  කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂාව පිළිබද සහතිකයක් ලබා දී
ඇති බවද පැවසීය.

මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසුනු අවස්ථාවේ මේ පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද කරු  ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.