Friday, 26 April 2024

වන අලි සංගණනයක් සැප්තැම්බර් 13 හා 14 දිනවල

Posted On Friday, 16 August 2019 07:19

වන අලි සංගණනයක් සැප්තැම්බර් 13 සිට 14 වෙනිදා දක්වා පැවැත්විමට කටයුතු යොදා ඇති බව වන ජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පිරිස් මහතා රජයේ නිල වෙඩ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.



 වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා සඳහන් කළේ, ජල මුලාශ්‍ර ආශ්‍රිතව මෙම සමික්ෂණය කරනු ලබන අතර වියළි කාලයේ දි කුඩා වැව් ,ගංගා වෙත ජල පානය සඳහා පැමිණෙන අලි මෙම සංගණනයට ගැනෙන බවයි.මෙය සැප්තැම්බර්
13 ප.ව 6.00 සිට සැප්තැම්බර් 14 දින පෙ.ව 6.00ට අවසන් වන අතර නැවත සැප්තැම්බර් 14 වන දින පෙ.ව 6.00 සිට ප.ව 6.00 අවසන් වේ.ඉන් පසුව 14 දින ප.ව 6.00 සිට 15 දා ප.ව 6.00 දක්වා ක්‍රියාත්මක වන මෙම සංගණනය දැනට හඳුනා ගත් සිථාන 2229 ක දි සිදු කිරිමට නියමිතය.

එමෙන් ම මෙම එක් ස්ථානයක් සඳහා නිලධාන් 3 දෙනෙක් යොදවන බව සඳහන් කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පිරිස් මහතා,අලින් දිනකට එක් වතාවක් හෝ ජලය පැනය කිරිමට ජලය ආශ්‍රිත ස්ථානයකට පැමිණෙන අතර ලංකාව වැනි ගණ කැලැවලින් වට වු වනානතර සඳහා මෙම ක්‍රමය ඉතා සුදුසු වන බවයි.

මෙම සංගණනයේදි කරුණු 3ක් මුලික කොට ගෙන සංගණනය සිදු කෙරේ.එනම්, කොපමණ අලි ප්‍රමාණයක් සිටිද? යන්නත්,අලි ගැහැණු/පිරිමි කොපමණ සංඛ්‍යාවක් සිටිද? යන්න වගත්,පැටවුන් හා ළදරුවන් සිටින ප්‍රමාණයත් යන්නයි.
වසර 10කට වරක් සිදු කෙරෙන මෙම සංගණනය අවසන් වතාවට සිදු කර ඇත්තේ 2011 වසරේ දිය.එහි දි එම වසරේදි අවම වශයෙන් දැක ගණන් කළ අලින් සංඛ්‍යාව 5879 වු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා සඳහන් කළේ ය.