Wednesday, 25 April 2018

නුවරඑළිය දිස්ත්‍රික් රැකියා පොළ ජුලි 01 දා

Posted On Friday, 30 June 2017 05:12

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරැණියන්ට රැකියා අවස්ථා හඳුන්වා දීම අරමුණු කරගනිමින්  මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  හා එක්ව සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් රැකියා පොළ ජුලි 01දා පෙ.ව 9.00 සිට 2.00 දක්වා නුවරඑළිය සිනිසිටා ශාලාවේ දී පැවැත්වේ.
 


කම්කරු වෘත්තිය සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ජෝන් සෙනවිරත්න සහ රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැකියා පොළ සඳහා දේශීය රැකියා ආයතන, විදේශීය රැකියා ආයතන, වෘත්තිය පුහුණු අවස්ථා සපයන ආයතන ඇතුළු අයතන රැසක් සහභාගිවීමට නියමිතය.
 
රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් හට තමාට ගැලපෙන රැකියා අවස්ථා සොයාගැනීම සඳහා මෙම දිස්ත්‍රික් රැකියා පොළ සඳහා සහභාගිවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  ඉල්ලිමක් කරයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!