Monday, 20 November 2017

අද පෙ.ව. 9.00 සිට ඩෙංගු දුරලීමේ සජීවි විකාශනයක්

Posted On Wednesday, 12 July 2017 07:02

"අපිම අරඹමු- ඩෙංගු දුරලමු- ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු" ජාතික වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (12) පෙ.ව. 9.00 සිට පෙ.ව.11.00 දක්වා සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවි විකාශනය වේ.


ඒ අනුව මෙම කාලය තුළ වසංගතයක්ව පවතින ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම්, විශේෂ සාකච්ඡා  පැවැත්වෙන අතර මෙම ජාතික කර්තව්‍යයට සියලුම විද්‍යුත් මාධ්‍ය මෙම කාලය තුළ මෙම වැඩසටහන විකාශනයට එක් වීම විශේෂත්වයක් වේ.

මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධ කරගනිමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සහය ද ලබාදී තිබේ.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!