Tuesday, 28 July 2020 09:25

කෝටි පහක් වැය කර තක්කඩියෙක් පාර්ලිමේන්තු යවා පලක් නැහැ

Written by
Rate this item
(0 votes)


July 28, 2020

රටේ ජනතා මුදල්වලින් රුපියල් කෝටි පහක් වැය කර එක් තක්කඩියෙකු පාර්ලිමේන්තු යවා වැඩක් නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවැසීය.

‘‘පැෆරල්’’ සංවිධානයේ දේශීය මැතිවරණ නිරීක්ෂකයින් දැනුවත් කිරීම සඳහා පැවැති වැඩ සටහනක දී රෝහණ හෙට්ටිආරච්චි මේ අදහස් ප්‍රකාශ කළේය.

ජනතා නියෝජිතයෙකු ලෙස තෝරා පත් කර ගැනීමේ දී නිසි සලකා බැලීමක් සිදු වන්නේ නැහැ. බාහිර කාරණා රැසක් අනුව මාධ්‍ය චරිත හදනවා. මෙය තනිව මාධ්‍යයට, සිවිල් සංවිධාන හෝ මාර්තු 12 ව්‍යාපාරයට පමණක් සිදු කළ හැකි දෙයක් නෙමෙයි. මේක ගැන රටේ සාමාන්‍ය ජනතාව කතා කරන තැනට ගෙන ඒම සිදු විය යුතුයි.

පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස් දෙනාම එපා කියලා කිව්වත් නැවත ජනතාව එවුන් වටා පෙළ ගැසෙනවා. මන්ත්‍රීවරයා අවශ්‍ය තමන්ගෙ ළමයාව හොඳ පාසලකට දාගන්න, ගමේ පාර හදාගන්න, රස්සාවක් ඉල්ලගන්න කියලා අපේ රටේ බොහෝ දෙනා තවම හිතන්නෙ. රටේ රැකියා නැති සියලු දෙනාට රැකියා ලබා ගැනීමට වැඩපිළිවෙළක් සැකැසීම මන්ත්‍රීවරයාගේ කාර්ය භාරය කියලා කවුරුත් හිතන්නෙ නෑ. ර ෙට් සෑම දරුවෙකුටම හොඳ පාසලක් හදල දීම මන්ත්‍රීවරයාගේ වගකීම කියලා කවුරුත් හිතන්නෙ නෑ.

 Lanka Lead News

Read 1955 times Last modified on Tuesday, 28 July 2020 09:29