තවදුරටත් වැසි පවති
දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා කැඳවීම හෙට සිට
පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම හෙට (27) සිට සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත.
කඩිනමින් මැතිවරණය පවත්වන්න- එජාප පසුපෙළ මන්ත්‍රීවරු කියති
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසී ය.පළාත් පාලන මැතිවරණය නැවත පැවැත්වෙන දිය පිළිබඳව ගැටළුවක් මතු වී තිබෙන බවත් එය ජනතාවටත් ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පැවසී ය.
කොළඹ මහ නගර සභාවෙන් වෘත්තීය පුහුණු පාඨමාලා
කොළඹ මහ නගර සභාවේ මහජන අධාර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පවත්වන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා 2018 වර්ෂය වෙනුවෙන් නවක සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ. පාසල් අධ්‍යාපනය නිම කළ වයස අවුරුදු 18-30 අතර තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැක. පාඨමාලා සඳහා සහභාගී වන තරුණ තරුණියන්ට දෛනික දීමනාවක් ලබා දෙයි.
අ.පො.ස (සා/පෙළ) සිසුන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාව 25 දා
2017 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, මෙතෙක් හැඳුනුම්පත් ලබා නොමැති පාසල් සිසුන් සඳහා හැඳුනුම්පත් කඩිනමින් ලබා දීමේ විශේෂ වැඩසටහන් ලබන 25 දා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේ දී පැවැත්වේ.