ඉන්ධන හිඟයක් නෑ - අවශ්‍ය තරම් තොග තිබෙනවා - අමාත්‍යංශ ලේකම්
ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් අවශ්‍ය තරම් තෙල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.
එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණඩලයේ යෝජනා සම්මත වෙයි
දැනට පවත්නා අධිකරණ ක්‍රමවේදය යටතේ එක් නඩුවක් විභාග කර අවසන් කිරීමට යන සාමාන්‍ය කාලය වසර 10ක් පමණ වන බැවින් ද, අභියාචනා දෙකක් සඳහා තවත් වසර 07 ක් පමණ ගතවන බැවින් ද, මෙවැනි පරීක්‍ෂණ හා නඩු විභාග කිරීම සඳහා යන කාලය අවම කරලීම යුගයේ අවශ්‍යතාවක් බව අවධාරණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සඳහා පහත දැක්වෙන කඩිනම් පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කර තිබේ.
ඌව පළාතට ගිගිරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
චීන තානාපති තුමාගේ බිරිඳ ගෙන් විශේෂ අධ්‍යාපන පාසලට පරිත්‍යාගයක්
නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවයේ වැඩිවීමක්
2016 වර්ෂයේ සැප්තැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 සැප්තැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 6.0% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.