අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ අද (16) රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගියා.

ඩොලරයක ගැණුම් මිළ සටහන් වුණේ රුපියල් 150.19 ක් ලෙසයි. 

ඉදිරි දිනවලදී පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුදු සීනි සහ බ්‍රොයිලර් කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රමබලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රමබල  සමීක්ෂණය පවත්වනු ලබයි.

දුම්වැටි තනි තනිව අළෙවි කිරීම තහනම් කිරීමට නීති සකස් කිරීම සදහා අනුමැතිය ලබාගැනීමට ලබන සතියේදී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කරයි.