කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රීකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර‍ හා සමාජීයවිද්‍යා පීඨයේ විශේෂ උපාධි අවසන් වසර සිසුන්ගේ නව අධ්‍යයන වර්ෂය ලබන 27 වැනි සඳුදා දින ආරම්භ කෙරේ.

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA)  නායක සමුළුව  මාර්තු මස 07 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව  සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.

දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හෙට(02) දිනයේ බාරදෙන බව කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.