Editor

Editor

නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය අගෝස්තු (13) නිකුත් විය.

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දුන් උපදෙස් වලට මුල්තැන දෙමින් එළඹෙන සඳුදා (අගෝස්තු 17) සිට සියලුම විශ්ව විද්‍යාලයන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

 

අමෙරිකානු ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කර තිබෙනවා.

ඇය සැලකෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූ දකුණු ආසියානු සම්භවයක් ඇති පළමු කාන්තාව ලෙසයි.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූ පළමු කළු ජාතික කාන්තාව ලෙසද කමලා හැරිස් ඉතිහාස ගත වනවා.

ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිස් පළමුව ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළා. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවයි.

ඇය මෙම තනතුරට නම් කිරීමත් සමග අමෙරිකානු දේශපාලනයද උණුසුම් වී තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දැනටමත් පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය සදහා තරග වැදීමට කමලා හැරිස්ට කිසිදු සුදුසුකමක් නොමැති බවයි. 

 

පැවති අර්බුද නිමා කරමින් ඊශ‍්‍රාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඓතිහාසික ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, රාජතාන්ත‍්‍රික සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමේ අරමුණින්. 

ඊශ‍්‍රායලය සහ ගල්ෆ් අරාබි රටවල් අතර මෙතෙක් කිසිදු රාජත‍්‍රාන්ත‍්‍රික සබඳතාවක් කි‍්‍රයාත්මක වූයේ නැහැ. ඒ අනුව මෙම ගිවිසුම ඊශ‍්‍රායලය, අරාබි රටක් සමග ඉතිහාසයේ අත්සන් කළ තුන්වැනි ගිවිසුම වනවා.

මීට පෙර 1979 වසරේ ඊජිප්තුව සමගත්, 1994 වසරේ ජෝර්දානය සමගත් ඊශ‍්‍රායලය සාම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.
ඊශ‍්‍රාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මෙම නවතම ගිවිසුමට එළඹෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මැදිහත්වීම විශේෂත්වයක්. මෙම ගිවිසුමේ ප‍්‍රතිඵලයක් ලෙස දැනට අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ විශාල භූමි ප‍්‍රදේශයක් සිය රටට ඇතුළත් කර ගැනිමේ සැලැස්ම අත්හිටුවීමට ඊශ‍්‍රායලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

අගෝස්තු 7 වන දින ශ්‍රී ලංකාවේ UL866 ගුවන් යානයෙන් චීනයට ගිය මගීන් 23 දෙනෙකු PCR පරීක්ෂණ සිදු කරන විට COVID-19 සඳහා පොසිටිව් වී තිබෙ. මෙම පරීක්ශා  කිරීමෙන් පසුව අගෝස්තු 17 සිට ශ්‍රී ලංකාවේ ගුවන් සේවය සති හතරකට අත්හිටුවන බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය නිවේදනය කරයි.

කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ගුවන් යානය ඩුබායි සිට ෂැංහයි දක්වා වූ බවත් ගුවන් යානයේ සිටි සියලුම මගීන් ඩුබායි සිට පිටත් වූ බවත් ය. යානය කෙටි නැවතුමක් කළේ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පමණි. එය ශ්‍රී ලංකාවෙන් මගීන් රැගෙන නොගිය අතර යානයේ සිටි මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු නොවීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණිමට ප්‍රථම කොව්ඩ් 19 වැළඳී නොමැති බවට තහවුරුවක් ලබා ගත යුතු අතර, එම පරික්ෂණ වාර්තාවේ අනිවාර්යෙන් අඩංගු විය යුතු කරුණු පිළිබඳව සයිප්‍රස් රජය විසින් දැනුම් දී තිබේ.

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු ලොව රටවල් කිහිපයක් විදේශ ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවු නමුත් මැලේසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

පාසල් විවෘත කිරීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් පාසල් ආශ්‍රිතව සිදුකළා.. මෙම මස අවසානයෙත් ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරනවා.. වෛද්‍ය අරුණ ජයසේකර - අධ්‍යක්ෂ ජාතික ඩෙංගු මර්දන ඒකකය


නව රාජ්‍ය අමාත්‍යවරු

චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය

දුමින්ද දිසානායක – සූර්ය බල, සුළං හා ජලවිවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය

දයාසිරි ජයසේකර – බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගුළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රානන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය

නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

ජානක වක්කුඹුර – උක්, කජු, බඩඉරිගු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂූ අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය

ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

විමලවීර දිසානායක – වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු, මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත, ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිසිර ජයකොඩි – දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී.වී. චානක – ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී බී හේරත් – පශූ සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ජීවන් තොන්ඩමන් – වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

සීතා අරඹේපොළ – නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය

චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය