
Editor
හිරු ශ්රී ලංකාවට ඉහළින් මුදුන් වෙයි- තැනින් තැන ගිගුරුම් සහිත වැසි
බස්නාහිර,මධ්‍යම,සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
“බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අද සහ හෙට බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාතන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේ දී
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන “බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු මස 29 සහ 30 දින වල බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාතන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ධීවර හා නවික ප්‍රජාව අවධනයෙන් කටයුතු කරන්න- කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
පුත්තලම සිටකොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කුවේට්හි රැඳී සිටි කාන්තාවන් 60 ක් යළි දිවයිනට
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට පත් වූ කාන්තාවන් 60 ක පිරිසක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත (22) උදෑසන 6.15ට යළි දිවයිනට පැමිණි බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
ශ්රී ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කෙරේ
ඔරුගොඩවත්ත, වැල්ලම්පිටියේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රථවාහන තදබදයට පිළියමක් ලෙස බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අරඹයි
කොළඹ නගරයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සහ ජනතාවගේ අගනා කාලය ඉතිරිකරමින් මානසික අසහනයකින් තොරව රාජකාරී කටයුතු ආරම්භකිරීමට ඉඩ පහසුකම් සළසමින් රථවාහන තදබදයට පිළියමක් ලෙස බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අද (22) උදෑසන කොළඹදී ආරම්භ කළේ ය.
‘පාසල් විභාග පිළිතුරුපත් ඇගයීමේ ක්‍රියාවලිය තුළින් කිසිදු විභාග අපේක්ෂකයෙකුට අගතියක් සිදුවන්නේ නැහැ’ - විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක්
2019 වර්ෂයේ පවත්වනු ලබන අ.පො.ස.(උ/පෙළ) විභාගය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු පිළිබඳ මේ දිනවල ඇතැම් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍ය තුළ පළ කරනු ලබන විවිධ අදහස් හා ඒ ඇසුරින් සමාජය තුළ ගොඩනැගෙන්නා වූ කතිකාවන් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
වසර 96කට පසු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත වෙයි
තරුණ තරුණියන් 10,000 කට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ විශේෂ පුහුණුවක්
දිවයිනම ආවරණය වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධයෙන් නැඹුරුවක් දක්වන තරුණ තරුණියන් 10,000 ක් තෝරාගෙන ඔවුන් සඳහා විශේෂිත පුහුණුවක් ලබාදීමට රජය තීරණය කොටගෙන තිබේ.
ශ්රී ලංකාවේ ප්‍රතිරූපය ඔප්නැංවීමට “එක්ස්පෝ 2020” ඩුබායි හීදී
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2020 දී “එක්ස්පෝ 2020” ඩුබායි හි පැවැත්වෙන ප්‍රදර්ශනයට සහභාගීවන්නන් සහ අනාගත සහභාගිවන්නන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් 19 වැනි සඳුදා අපනයන සංවර්ධන මණ්ඩලයේ 3 වැනි මහළ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.